ජනපතිගේ පළමු නිල විදෙස් සංචාරය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා හෙට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

මෙය ජනාධිපතිවරයා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිදු කරන පළමු විදෙස් සංචාරය වෙනවා.

ඉන්දීය ජනාධිපතිනියගේ ආරාධනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට සිට 17 වැනිදා දක්වා මෙම සංචාරයේ නිරත වන බව වාර්තා වෙනවා.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපතිනිය, අග්‍රමාත්‍යවරයා ඇතුළු ඉන්දීය සම්භාවනීය අමුත්තන් සමග අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඒවගේම මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට සහ ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *