ජනපතිගේ ඉන්දීය සංචාරය

එළඹෙන 15 වනදා ජනාධිපතිතුමා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ජනපතිවරයා දෙසැම්බර් 15 වනදා සිට 17 වනදා තෙක් ඉන්දියාවේ සංචාරය කරන බවත්, එහිදී ඉන්දීය ජනාධිපතිවරිය සහ අගමැති නරේන්ද්‍ර මෝදී සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා. මෙම අවස්ථාවට විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා එක්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිදුකරන ඔහුගේ පළමු විදෙස් සංචාරය මෙය වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *