ජනපතිගෙන් විශේෂ උපදෙස්

රටේ ජනතාව තුළ රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙන්නේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (28) පැවැත්වුණු විශේෂ සාකච්ඡාවක් අතරතුරදීයී.
මෙහිදී මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන්තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
විශේෂයෙන් ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවල ශ්‍රී ලංකා රේගුව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයයා මෙහිදී උපදෙස් දී තිබෙනවා.
එසේම දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වළක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.