ජනතාව විසින් තම අයිතියට පත් කරගත් ක‍්‍රීඩාංගණය

ප්‍රතිසංස්කරණය කරන ලද මාතලේ නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණය පසුගියදා ජනතා අයිතියට පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් මිලියන 110ක් සහ ආසියානු හොකී සම්මේලනයේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 50ක අතිරේක දායකත්වයක් සහිත ආයෝජනයකින් මෙම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කළ බව වාර්තා වෙනවා.

ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නවීන කෘතිම හොකී තණතිල්ලකින් සමන්විත වෙනවා.

මේ අතර විශේෂ ආරාධිතයන් හෝ දේශපාලන නායකයන්ගෙන් තොරව ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්කිරීම ද විශේෂත්වයක් වෙනවා.

ඒ අනුව ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්කිරීම සංකේතවත් කරමින් සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බාලක සහ බාලිකා පාසල් හොකී තරගාවලිය එදින ආරම්භ කර තිබෙනවා.

එහි පළමු තරගයෙන් මාතලේ සංඝමිත්තා බාලිකා විදුහල ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් නවීන තණතිල්ලේ මංගල ජය වාර්තා කිරීමට මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලට හැකිවුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *