ජනතාව කැළඹෙන ඇමෙරිකානු අහස

මාසයකට වැඩි කාලයක සිට අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තය ඇතුළු ස්ථාන රැසක රාත්‍රී අහසේ හඳුනානොගත් අභ්‍යවකාශ වස්තූන් නිරීක්ෂණය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වස්තූන් කිහිපයක් පසුගියදා වොෂින්ටන් ඩීසී අගනුවරදී මෙන්ම නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් ද නිරීක්ෂණය වී තිබෙනවා.
අසාමාන්‍ය ලෙස දිස්වන මේ වස්තූන් මොනවාද යන්න පැහැදිලිව අනාවරණ කිරීමට අමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය පවා සමත් වෙලා නැති බව සඳහන් වෙනවා. ඔවුන් පවසා ඇත්තේ මේ වස්තූන් විදෙස් රටවලට අයත් ඩ්‍රෝන යානා නොවන බව පමණයි.
මෙම වස්තූන් මොනවාද යන්න ජනතාවට දැනුම්දීමේ වගකීම අමෙරිකානු ආරක්ෂක අංශ සතුව ඇති බව තේරීපත්ව ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ පවසනවා.
“අපේ හමුදාව සහ වත්මන් ජනාධිපතිවරයා ඇත්ත දන්නවා. අමුතු දෙයක් වෙනව තමයි. ඒක මිනිස්සුන්ට කියන්න මිනිස්සු ඇත්ත දැනගන්න කැමතියි.”