ඡන්ද බලයේ වෙනසක් කළ යුතුයි

ඡන්ද බලය හිමි සාමාජිකයින් සංඛ්‍යාව අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 147ක් ලෙස ඡන්ද බලය හිමි සාමාජිකයින් සංඛ්‍යාව 60ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට සැලකිය යුතු සංශෝධන කිහිපයක් ද සිදු කළ බව එම නිවේදනයේ සඳහන් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමකදී මෙම තීරණවලට එළැඹ තිබෙනවා.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය සහ තවත් සාමාජිකයින් සිව්දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 2025 වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නිලවරණ කමිටුව ද විශේෂ මහා සභා රැස්වීමේදී පත් කළ බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *