චීනෙට බලපෑම් කරන බයිඩන් පාලනය

අමෙරිකාව තුළ චීන හෝ රුසියානු තාක්ෂණය අඩංගු ස්මාර්ට් මෝටර් රථ විකිණීම තහනම් කරමින් නීති රීති සම්පාදනය කිරීමට බයිඩන් පරිපාලනය පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකාව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ, ජාතික ආරක්ෂක පිළිබඳ අවදානම පදනම් කරගනිමින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
ඒ අනුව, එක්සත් ජනපදයේ නිෂ්පාදිත වුවත්, චීනයට හෝ රුසියාවට ප්‍රමාණවත් සම්බන්ධයක් ඇති, නිෂ්පාදකයින් විසින් 2027 ආදර්ශ වර්ෂය සඳහා සම්බන්ධිත වාහන සඳහා මෙම විකුණුම් තහනම අදාළ වෙන බව සඳහන් වෙනවා.