චීනයට ප‍්‍රබල චෝදනාවක්

තායිවානයට අත්‍යවශ්‍ය අන්තර්ජාල පහසුකම් සපයන මුහුද යටින් දිවෙන රැහැනකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාළ සිද්ධියට චීනයට සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් සම්බන්ධ බවට තායිවාන වෙරළාරක්ෂක බළකාය ඒ බව අනාවරණය කර තිබෙනවා.
ඒ විදිහට හානියට පත් කේබලය, දකුණු කොරියාව, ජපානය, චීනය සහ එක්සත් ජනපදයට ද සම්බන්ධ වන අතර, තායිවානයේ සම්බන්ධතාව පවත්වා ගැනීමට උපකාර වන ෆයිබර් ඔප්ටික් කේබල් රැසකින් එකකි.