ගෞරවාන්විත අවසානයක් සහ ඇරඹුමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව යුද හමුදාපතිවරයෙකු සහ නාවික හමුදාපතිවරයෙකු පත් කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ අනූව, හෙට (31) දිනට යෙදී තිබෙන, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ විශ්‍රාම යෑමත් සමග ශ්‍රී ලංකාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පත් කර තිබෙන අතර, නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර තිබෙනවා. වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාත්, හෙට දිනයේ විශ්‍රාම යෑමට නියමිත බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *