ගෑස් සිලින්ඩරෙන් පාර්ලිමේන්තුවට

තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම්දී තිබෙනවා.
2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව ආසන 2ක් හිමිකර ගත්තා. ඉන් එක් ආසනයක් සඳහා මීට පෙර රවී කරුණානායක මහතාව පත් කෙරුණා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ එක්සත් ජාතික පක්ෂයල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ මහ මැතිවරණය සඳහා තරඟ කළා.
මේ අතර හිටපු විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාව පාර්ලිමේන්තුවට පත්කරන ලෙසද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බලධාරීන්ගෙන් විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළ බවත් පසුගියදා වාර්තා වුණා.