ගාලූ කොටුවට වෙච්ච දෙයක්

ලෝක උරුම ගාලු කොටු පවුරට ඇතුළු වන පැරණි කොටු දොරකඩ හෙට (28) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන්.

එම දොරටු ආශ්‍රිත ප්‍රදේශයේ ඇල්ගී විශේෂයක් වර්ධනය වීම නිසා රසායනික සංරක්ෂණ කටයුතු හේතුවෙන් මෙම පියවර ගන්නා බව දකුණු පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් මහත්මිය සඳහන් කරනවා.

හෙට 28 ලබන 31 වැනි දා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ පමණක් සිදු කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂතුමිය පවසනවා.

මේ ගතවෙන්නේ, සති අන්තයේ සහ වසර අවසානයේ දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ගාලු කොටුවේ සංචාරය කෙරෙන කාලයකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *