කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අලූත් වෙයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයින් පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් කොමිසමේ සාමාජිකයින් වෙත අද ජනාධිපති කාර්යාලයේදී පිරිනැමූ බව වාර්තා වෙනවා.
ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර ඇති අතර, ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ එම කමිටුවේ සෙසු සාමාජිකයින් වෙනවා.
