කොසු මිටයි – ගෑණු මොළෙයි කොටුවෙලා

කොසුමිටක් සිදුරු කර, ඊට මත්කුඩු පුරවා කළුතර බන්ධනාගාරයේ සිර මැදිරි අතුගෑම සඳහා කොස්සක් රැගෙන ගිය රූමත් කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඇය කළුතර උතුර පොලිසියට භාරදී තිබෙනවා.
මෙම කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍ය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරයේ පසුවෙන බවත්, ඊයේ (31)දා* මෙම සිර මැදිරි සුද්ධ පවිත්‍ර කිරීමේ අරමුණ ඇතිව තම සැමියාට දීම සඳහා මෙම කොස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව සැකකාරිය කියා තිබෙනවා.
කොස්සේ මිට සිදුරු කොට ඊට හෙරොයින් ග්‍රෑම් හතරක් ද, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතරක් ද, කංසා ද පුරවා ඇති බව පොලිසිය පවසනවා. කෙසේ වෙතත්, මෙම සිද්ධිය පසුපස තවත් සැකකරුවන් පිරිසක් සිටිය හැකි බව ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයතිලක මහතා පවසනවා.
සැකකාර කාන්තාවගේ දුරකථනයේ ඇතුළත් අංක සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන සිදුකෙරෙන බව සඳහන් වෙනවා.