කොටස් වෙළෙඳපොළ තත්වය කොහොමද?

කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් පවත්වා ගනිමින් අද (20) දිනයේ දී ද මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණා.

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 115.84 කින් ඉහළ ගොස්, ඒකක 16,373.15 ක් ලෙසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය නැවත වරක් අලුත් වී තිබෙනවා.

මේ අතර, S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 30.37 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 4,962.03 ක් ලෙසින් සටහන් වි තිබෙන අතර, රු. බිලියන 5.56 ක ගනුදෙනු පිරිවැටුමක් ද අද දින වාර්තා වී තිබෙනවා.

එහිදී දේශීය ගැනුම් ලෙස රු. බිලියන 5.41 ක් හා දේශීය විකිණුම් ලෙස රු. බිලියන 5.35 ක් සටහන්ව ඇති අතර, විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 148 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 203 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *