කිරුළ ඕනෙ නම් කරන්නම වෙනවා

ස්පාඤ්ඤයේ ලියොනොර් කුමරිය රාජකීය සම්ප්‍රදාය අනුව යමින් වසර තුනක හමුදා පුහුණුවක් ආරම්භ කළ අතර, සිය වසරක යුද හමුදා පුහුණුව අවසන් කළ කුමරිය පසුගිය දා නාවික හමුදා පුහුණුව ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ස්පාඤ්ඤ සම්ප්‍රදාය අනුව එරට රජ කිරුළට උරුමකම් කියන සියලුම රාජකීයයන් හමුදා පුහුණුව ලැබීම අනිවාර්ය වෙනවා. ඒ අනුව, ස්පාඤ්ඤ රජ කිරුළට හිමිකම් කියන ලියොනොර් කුමරිය මීට වසරකට පමණ ස්පාඤ්ඤයේ සරගෝසා හි යුද හමුදා ඇකඩමියේ දී සිය හමුදා පුහුණුව ආරම්භ කළ බව සඳහන් වෙනවා.

එහි දෙවන අදියර ලෙස ලියොනොර් කුමරිය පසුගියදා සිය නාවික හමුදා පුහුණුව ආරම්භ කළ අතර, ඇය නාවික පුහුණු ලබන්නේ ජුආන් සෙබැස්තියන් ද එල්කානෝ නෞකාවේ දී වෙනවා.

එම නෞකාව අඩ සියවසක් පමණ පැරණි නෞකාවක් ලෙසයි විදෙස් වාර්තා වල සඳහන් වෙන්නේ. මීටර 113 ක් දිගැති එම නෞකාව පසුගිය දා අමෙරිකාව බලා ගමන් ආරම්භ කර තිබෙනවා.

නාවික හමුදා පුහුණුවෙන් පසුව ලියොනොර් කුමරියගේ ගුවන් හමුදා පුහුණුව ආරම්භ වීමට නියමිත වන අතර, ඒ එරට ගුවන් හමුදා ඇකඩමියේ දී බව වාර්තා වෙනවා.

එම ගුවන් හමුදා පුහුණුව අවසන් වීමෙන් පසුව ඇයගේ වසර තුනක හමුදා පුහුණුව අවසන් වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *