කැබිනට් එකට යන අදානි

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
හෙට (06) දිනයේ රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පවසනවා.
මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඩොලර් ශත 8.26 කට ආසන්න මුදලක් ගෙවීමට එකඟවී තිබුණා.
අදාළ එකඟතාවය යළි සළකා බැලීම සඳහා මෙම කමිටුව පත්කරන බව වාර්තා වෙනවා.
