කැනඩාවේදී කොටු වුණු ආවා කල්ලි නායකයා

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නමින් හඳුන්වන 32 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කර තිබුණා.

2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ද ඝාතන කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බව සඳහන් වෙනවා.

ඒ අනුව, මෙරට ආරක්ෂක අංශ විසින් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු ද නිකුත් කර තිබුණු බව සඳහන් වෙනවා.

2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටි මෙම පුද්ගලයා අමෙරිකාව, ප්‍රංශය යන රටවල සිට කැනඩාවට පැමිණ සිටියදී මෙලෙස කැනේඩියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ශ්‍රී ලාංකිකයා වැඩිදුර විමර්ශන සඳහා ප්‍රංශය වෙත භාරදීමට නියමිත බව කැනේඩියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *