ක‍්‍රීඩකයෙක් හදිසි අනතුරකට

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටොක්ස්ට මාස 3 ක කාලයක් සියලුම අකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම අහිමි වී තිබෙනවා.

පසුගියදා නවසීලන්තය සමග පැවති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදි එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් ආබාධයකට ලක්වුණා. ලබන ජනවාරි මාසයේ බෙන් ස්ටොක්ස් සැත්කමකට ලක් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හේතුවෙන් මාස 3ක කාලයක් ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම අහිමි වෙනවා. කෙසේ වෙතත්, ස්ටොක්ස්ට ආබාධයක් හේතුවෙන් මේ වසරේ ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ දෙවැනි අවස්ථාව මෙය වෙනවා. මින් පෙර මේ වසරේ අගෝස්තු මාසයේ පැවති ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේදී ද ඔහු මෙලෙස ආබාධයකට ලක්වුණා.

මේ වනවිට ටෙස්ට් තරග 110 කදී, එක්දින තරග 114 කදී සහ පන්දුවාර 20 තරග 43 කදී එංගලන්තය නියෝජනය කර ඇති බෙන් ස්ටොක්ස් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 10,767ක් වන අතර, කඩුලු 310 ක් දවාගෙන තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *