කතානායකට එරෙහි විශ්වාසභංගය

කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගයට සමගි ජන බලවේගය අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් එම විශ්වාසභංගයට අත්සන් තබා ඇති බව සඳහන් වෙනවා.
තවද ජේ.සී. අලවතුවල, අජිත් පී.පෙරේරා, සුජිත් සංජය පෙරේරා, චතුර ගලප්පත්ති, ජගත් විතාන සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම විශ්වාසභංගයට අත්සන් කර ඇති බව සඳහන් වෙනවා.

