ඔන්න දැනෙන වෙනසක් කරලා

මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවෙන අතර, දළ වශයෙන් මත්පැන් මිලෙහි සියයට 6 ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇතැයි වාර්තා වෙනවා.
ඒවගේම, දුම්වැටි මිලද අද සිට ක්‍රියාත්මක වන පරිදි කාණ්ඩ 04 ක් යටතේ වැඩිවීමට නියමිතයි.ඒ අනුව සිගරට් වල මිල ප‍්‍රධාන වශයෙන් රුපියල් 05 ක් සහ 10 ක් ලෙස වැඩිකර තිබෙනවා. capstan සහ John player වර්‍ගයේ දුම්වැටි රුපියල් 05 කින් සහ dunhill සහ මිමී 33 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10 කින් වැඩි කර තිබෙන බව සඳහන් වෙනවා.