ඔන්න දැන් නිදහසේ ගෙවල් හදන්න පුළුවන්

සිමෙන්ති සඳහා වන සෙස් බද්ද අඩු කිරීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල අවම වශයෙන් රුපියල් 100 කින් පමණ අඩුවිය හැකි බව, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් මුදල් කාරක සභාවට දැනුම් දී තිබෙනවා.
පසුගිය 08 වැනිදා මුදල් කාරක සභවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී, මේ පිළිබඳව තීරණය කර තිබෙන බව සඳහන් වෙනවා.