ඒ විදිහට මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද?

අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මිරිහාන ප්‍රදේශයේ පිහිටි සිය අසල්වැසි නිවසක පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, මිරිහාන පොලීසියට ලද පැමිණිල්ලක් මත අද (10) දහවල් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇති බව වාර්තා වුණා.