ඒක ඇත්තටම සුහද හමුවක්ද?

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙන බව වාර්තා වෙනවා.
වාර්තා වන ආකාරයට මෙම හමුව පවත්වා තිබෙන්නේ, අසල්වැසි රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කිරීම සඳහායි.
දැනට සංවර්ධනයේ විවිධ අදියරවල පවතින ද්විපාර්ශ්වික ව්‍යාපෘති රාශියක ප්‍රගතිය පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙනවා.