2025 නිවාඩු කැලැන්ඩරේ

2024 වර්ෂය අවසන් වීමට ඇත්තේ තවත් දින 09ක් පමණයි. මේ වනවිට 2025 වසරට අදාළ දින දර්ශන නිකුත් වී අවසන්.

මේ අතර, 2025 වර්ෂයට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අනුව, 2025 වසරට අදාළව රජයේ නිවාඩු 26 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි වැඩිම නිවාඩු ගණනක් යෙදී ඇත්තේ අප්‍රේල් මාසයට වන අතර එම නිවාඩු ගණන 4 ක්. එම මාසයේ සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය 14 වන දිනට යෙදී තිබෙනවා.

තවද වෙසක් පුන් පොහෝ දිනය 12 වැනි දිනටත් නත්තල් දිනය දෙසැම්බර් 25 වැනි අඟහරුවාදා දිනටත් යෙදී තිබෙනවා.

2025 වර්ෂයට අදාළ නිවාඩු දින පහත පරිදි වේ.

ජනවාරි 13 සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි 14 අඟහරුවාදා – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය
පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි 26 බදාදා – මහ සිවරාත්‍රි දිනය
මාර්තු13 බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
මාර්තු 31 සඳුදා – ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් 14 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
අප්‍රේල් 15 අඟහරුවාදා – විශේෂ බැංකු නිවාඩු දිනය
අප්‍රේල් 18 සිකුරාදා – මහ සිකුරාදා දිනය
මැයි 01 බ්‍රහස්පතින්දා – ලෝක කම්කරු දිනය
මැයි 12 සඳුදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
මැයි 13 අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
ජුනි 07 සෙනසුරාදා – ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
ජුනි 10 අඟහරුවාදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජූලි 10 බ්‍රහස්පතින්දා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු 08 සිකුරාදා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් 05 සිකුරාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
සැප්තැම්බර් 07 ඉරිදා – බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 20 සඳුදා – දීපවාලි උත්සව දිනය
නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා අඟහරුවාදා – නත්තල් උත්සව දිනය

ඉහත සඳහන් රජයේ නිවාඩු තැපැල්, රේගු හා කාලගුණවිද්‍යා යන දෙපාර්තමේන්තුවලට ද ලැබෙන බව සඳහන් වෙනවා.

පුර පසළොස්වක පෝය නිවාඩු දින අනුමත කර ඇත්තේ, පෝය කමිටුව මගින් වන අතර, අනිකුත් රජයේ නිවාඩු දිනයන් පිළිබඳ වෙනස්වීම් සිදුවුවහොත් ඒ පිළිබඳව ගැසට් නිවේදනයක මාර්ගයෙන් ප්‍රසිද්ධ කරනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *