එයාර්පෝර්ට් වහලා කියලා දන්නවද?

පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වසාදමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැන්චෙස්ටර්, ලිවර්පූල් සහ බර්මින්හැම් ගුවන්තොටුපොළවල් ද මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළ අතරට අයත් වෙනවා.

එරට පළාත් රැසකට මේ දිනවල අධික හිමපතනය සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, රටපුරා ස්ථාන රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක -11 ක මට්ටමේ පවතින බව වාර්තා වෙනවා.

මේ අතර එක්සත් රාජධානියට අයත් එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය යන රටවලට ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ගමනාගමන සීමා සහ විදුලිය බිඳවැටීම් ද බලපවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *