එක පිට එන ගිනි පෝලිම

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ ප්‍රබලතම ළැව්ගිනි ලෙස සැළකෙන, පුද්ගලයින් 24 දෙනෙකුට දිවි අහිමි කළ, පැලිසේඩ් සහ ඊටන් ළැව්ගිනි යම්තාක් දුරකට පාලනය කිරීමට මේ වනවිට එරට ගිනි නිවන අංශ සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වුවත්, ඉදිරියේදී බලපැවැත්වෙන බවට අනුමාන කෙරෙන පැයට කිලෝ මීටර් 70 ඉක්මවූ වේගවත් සුළං ධාරා හේතුවෙන් ළැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත විය හැකි බව ඔවුන් අපේක්ෂා කරනවා.

මේ අතර, අමෙරිකානු පවර්බෝල් ලොතරැයියෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2 ක් දිනාගත් පුද්ගලයෙක්ගේ, එම මුදලින් මිලදීගත් මන්දිරයද පැලිසේඩ් ළැව්ගින්නෙන් විනාශ වී තිබෙන බව සඳහන් වෙනවා.

ඒ වගේම, එම පුද්ගලයාටම අයත් තවත් සුඛෝපභෝගී නිවාස දෙකක් ද ළැව්ගිනි අනතුරු ඇඟවීම් සිදුකර ඇති කලාපවල පිහිටා තිබීම විශේෂත්වයක් වෙනවා.

මේ අතර, ලොස් ඇන්ජලීස් ආසන්න වෙන්චුරා නගරාසන්නයේ අක්කර 5 ක පමණ භූමියක් වනසමින් කුඩා ප්‍රමාණයේ ළැව්ගින්නක් ආරම්භ වී තිබුණු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *