එක දිගට වැටෙන සහල් නඩු

වැඩි මිලට සහල් අලෙවි කළ හා සහල් තොග සඟවා ගෙන සිටි පුද්ගලයින් 80 කට එරෙහිව ඊයේ දිනයේ නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. ගෙවුණු දින 03 තුළ එවැනි පුද්ගලයින් 201 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව එම අධිකාරිය සඳහන් කරනවා.
වැඩි මිලට සහල් විකුණන පුද්ගලයින් සොයා දීපව්‍යාප්තව වැටලීම් තවත් දැඩි කරන බව අධිකාරිය ප්‍රකාශ කරනවා.
මේ අතර මහා පරිමාණ සහල් මෝල් වලින් නිකුත් කරන සහල් ප්‍රමාණය අධීක්ෂණය කිරීමට තවදුරටත් නිලධාරීන් යොදවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.