එක දිගට මේවා කොහොමද වෙන්නේ

උතුරු මැද පළාතේ 11 වැනි ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණයේ අදට (06) නියමිත විභාගය අවලංගු කර තිබෙන බව වාර්තා වෙනවා.

අදට නියමිත සිංහල සාහිත්‍ය විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම පියවර ගත් බවත්, ප්‍රශ්න පත්‍ර පිටවීමට අදාළව පරීක්ෂණ ක්‍රියාත්මක බවත්, ඉදිරි දිනකදී එම විෂයට අදාළ විභාගය පැවැත්වෙන බවත්, උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පවසනවා.

මීට පෙර උතුරු මැද පළාතේ 6 වැනි ශ්‍රේණිය සඳහා වන භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍රය පිටවීම සම්බන්ධයෙනුත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *