එක් සහල් මෝලකට නිලධාරීන් දෙදෙනෙක්

දෛනිකව නිකුත් කෙරෙන තොග පරීක්ෂා කිරීමට මහා පරිමාණයේ එක් සහල් මෝලක් සඳහා නිලධාරින් දෙදෙනෙකු බැගින් යොදවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා.

එම අධිකාරිය පැවසුවේ, සහල් මෝල් හිමියන් දෛනිකව නිකුත් කරන තොග ප්‍රමාණය, මිල මෙන්ම අදාල මිල ගණන් යටතේ සහල් පාරිභෝගිකයින් අතට පත්වන්නේද පිළිබඳවද එම නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරන බවයි.

පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් සහල් මෝල් පරික්ෂාව ඊයේ ආරම්භ කෙරුණු අතර, අඛණ්ඩව දින 10 ක් එම කටයුතු සිදුකෙරෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා.

උපරිම සිල්ලර මිලකට යටත්ව ඊයේ සිට සහල් නිකුත් කිරීමට ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සහල් මෝල් හිමියන් එකඟතාවකට පැමිණියා.

මේ අතර, නියම කළ මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *