එක්කෙනෙක්ට මේ තරම් කොටසක්

රජයේ මූල්‍ය ප්‍රකාශනයට අනුව 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින වන විට ගෙවිය යුතු මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,150 කට අධික බව වාර්තා වෙනවා.

එය 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනට සාපේක්ෂව 6.47% ක වැඩිවීමක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

2023 වර්ෂයේ දී විදේශීය ණය රුපියල් මිලියන 8 ලක්ෂ 31,951 ක් ලබාගෙන ඇති අතර, භාණ්ඩාගාර බිල්පත් මඟින් රුපියල් මිලියන හැත්තෑ පන් ලක්ෂ 41,282 ක් ද ලබාගෙන තිබෙනවා.

ඒ අනුව 2023 වර්ෂයේ දී ලබාගෙන ඇති දේශීය විදේශීය ණය ප්‍රමාණය 2022 වර්ෂයට සාපේක්ෂව 67.4% ක ඉහළ යාමක් බව සඳහන් වෙනවා.

රජයේ මූල්‍ය ප්‍රකාශනයට අනුව,000000000 ඒක පුද්ගල ණය වටිනාකම ද 2023 වර්ෂයේ දී ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් 13 ලක්ෂ 22,793 ක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

2022 වර්ෂයේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 12 ලක්ෂ 34,358 ක් වූ අතර එය වර්ෂයක් තුළ 88,435 කින් හෙවත් 7.16% කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මේ වන විට රට තුළ පවතින විදෙස් සංචිත ප්‍රමාණය ශක්තිමත්ව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *