එකතුවෙලා ගමනක් යන්න ලෑස්තියි

ඉන්දියාවත් සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් බව චීන විදේශ අමාත්‍යාංශය පවසා තිබෙනවා.
දෙරටේ නායකයින් අතර ඇති පොදු අවබෝධතා ක්‍රියාත්මක කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා චීනය කැමැත්තෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විශ්වාසය, අවංකභාවය සහ සන්නිවේදනය තුළින් ශක්තිමත් සබඳතාවයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඇති බව චීනයේ මතය වෙනවා.
මෙම ප්‍රකාශය මෙසේ සිදුකිරීමේ විශේෂත්වය වෙන්නේ, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන විදේශ අමාත්‍යවරයා අතර විශේෂ නියෝජිත හමුව අද (19) බීජිං හිදී පැවැත්වීමට නියමිතව තිබීමයි.