උපරිම වේගයෙන් ඉලක්කය කරා

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂය තුළ සුරාබදු ලෙස රුපියල් බිලියන දෙසීය විසිහයකට 226 අධික සුරාබදු ආදායමක් උපයාගෙන තිබෙනවා. මෙය රුපියල් කෝටි 22,600 කට අධික මුදලක් වෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවට 2024 වර්ෂය තුළ රුපියල් බිලියන 232 ක බදු ආදායම් ඉලක්කයක් ලබාදී තිබූ අතර පෙරේදා (31) දහවල් වනවිට රුපියල් බිලියන 226.3 ක බදු ආදායමක් උපයා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවට නිලධාරීන්ගේ 200 ක පමණ අඩුවක් පවතින අතර, නව බඳවා ගැනීම් සහ දැනට සිටින නිලධාරීන්ගේ උසස්වීම් ලබාදීමෙන් පසු මේ වසර තුළ බදු ආදායම තවත් වැඩිකර ගැනීමට කටයුතු කරන බවද උදය කුමාර මහතා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *