උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන, වසරක අවසානය සනිටුහන් කරන පොහොය උඳුවප් පොහොයයි. මෙරට බෞද්ධයන්ට ද ශාසනික වශයෙන් උඳුවප් පොහොය ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැළකෙනවා.

විශේෂයෙන්ම සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07 ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනකයි.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර, මෙරට මෙහෙණි සස්න පිහිටුවීම සිදුව තිබෙන්නේද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනකදීයි.

උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමය ආරම්භ වීමයි. ඒ අනුව, පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද මළුව වෙත වැඩම කරවීම අද අළුයම සිදුවුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *