උතුරු පළාතේ වසංගතය

උතුරු පළාතේ උණ රෝගයකින් මියගිය පුද්ගලයින් 7 දෙනාගෙන්, දෙදෙනෙකු මී උණ වැළදීමෙන් මිය ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දාබරේරා මහත්මිය පැවසුවේ රෝගය පිළිබඳ අධ්‍යනය සඳහා අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍යවරු කණ්ඩායමක් යාපනයට පිටත් කර යැවූ බවයි.
මිය ගිය පුද්ගලයින්ගෙන් 6 දෙනෙකු යාපනය ප්‍රදේශයේ වන අතර එක් පුද්ගලයෙකු මුලතිව් ප්‍රදේශයේ බව සඳහන් වෙනවා.
විශේෂඥ වෛද්‍ය තුෂාණි දාබරේරා මහත්මිය පැවසුවේ මියගිය උණ රෝගීන්ගේ රුධිර සාම්පල කොළඹ සහ මහනුවර රෝහල් වෙත වැඩිදුර පරීක්ෂා කිරීම් කටයුතු සඳහා යොමු කර ඇති බවයි.