උත්සාහ කළා නම් කරන්න තිබුණා

තමාට ඉකුත් නොවැම්බර් මාසයේ පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ව පරාජය කර නැවත වාරයක් ජනාධිපති ධුරයට පත් වීමට ඉඩ තිබූ බව සිතන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා.
ඇමෙරිකානු පුවත්පතක් වන “යූ එස් ඒ ටුඩේ” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති බයිඩන් මේ බව සඳහන් කර ඇති අතර, කෙසේවුවත් තවත් වසර හතරක කාලයක් ජනාධිපති ධුරය දැරීමට තරම් තමාට කායිකව හා මානසික ශක්තියක් ඇති බවට විශ්වාසයක් නොමැති බවද අවධාරණය කර තිබෙනවා. පැමිණි ගමන හොඳයි එහෙත් මගේ වයස අවුරුදු 86 ක් වන විට මා කුමන තත්වයක ඇතිදැයි සිතාගත නොහැකි බව 82 හැවිරිදි ජනාධිපති බයිඩන් එහිදී සඳහන් කර තිබෙනවා.