උත්සව සමය වෙනුවෙන්

උත්සව සමය වෙනුවෙන් අමතර බස්රථ සහ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර ඇති බව ප්‍රවාහන අංශ පවසනවා.
ඒ අනුව විශේෂ බස් රථ සේවාවක් හෙට (24) සිට ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස්රථ 50 ක් ධාවනයට එක් කර ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසනවා.
ඒවගේම අවශ්‍ය වුවහොත් අතිරේක බස්රථ යෙදීම සඳහා සියලුම ඩිපෝ කළමනාකාරවරුන් දැනුවත් කර ඇති බවත් සඳහන් කරනවා.
තවද අධිවේගී මාර්ගයේ ධාවන වන බස්රථ ප්‍රමාණයද වැඩි කර ඇති බවත්, නැවත ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීම සඳහා අවසන් සතියේ සඳුඳා දින බස් සේවාවක් ක්‍රියාත්මක බවද ඔහු පවසනවා.
මේ අතර උත්සව සමය හේතුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ද ධාවනයට එක් කර තිබෙන අතර, 27 වැනි දින රාත්‍රී බදුල්ල දක්වා විශේෂ දුම්රියක් සහ කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් යොදවා ඇති බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ ඉඳිපොලගේ මහතා පවසනවා.
ඒවගේම, දෙසැම්බර් 28 වැනි දින උදෑසන බදුල්ල දක්වා විශේෂ දුම්රියක් සහ 29 වැනි දින රාත්‍රියේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියකුත් යෙදවීමට කටයුතු කර තිබෙනවා.
මීට අමතරව, යාපනයේ දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් මෙන්ම යාල් දේවී සීඝ්‍රගාමී දුම්රියට අමතර මැදිරි එක් කර ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පවසනවා.