උත්සව කාලෙට අඩුවෙන බිත්තර

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30 – 35 ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා.

සාමාන්‍ය එනම් ග්‍රෑම් 50 ට අඩු බිත්තරයක් රුපියල් 30 – 32 ත් අතර මිලකට මිලදී ගත හැකි බව එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසනවා.

එමෙන්ම ග්‍රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33 – 35 ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.

මෙම මිලගණන්වලට වෙළෙඳපොළේ බිත්තර සුලභව තිබෙන අතඑ, ඊට ඉහළින් ඇති කිසිඳු බිත්තරයක් මිලදී නොගන්නා ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ටන් අප්පුහාමි මහතා,

“ඉදිරි උත්සව සමයේ අපි තීරණයක් අරගෙන තියෙනවා රුපියල් 30 – 35 අතර සිල්ලර මිලට බිත්තරයක් අලෙවි කරන්න. එම නිසා අද පටන් රුපියල් 35ට අඩුවෙන් බිත්තර අලෙවිකරන මෙන් සෑම සිල්ලර කඩයකින්ම ඉල්ලා සිටිනවා.

2023 මේ කාලසීමාවේ බිත්තරයක් තිබුණේ 65 -70 වගේ මිලකට. හැබැයි බිත්තර නිෂ්පාදනය වැඩිවෙලා වෙළෙඳපොළ තුළ අද මිල සමනයකට පත්වෙලා ඉන්නේ. සියලුම ගොවියන්ගේ බිත්තර නිෂ්පාදන අතිරික්තයක් තිබෙන බව සත්‍යක්.

ග්‍රෑම් 50 බිත්තරයක්, රුපියල් 30 – 32 ත් අතර මිලකට මිලදී ගතහැකි අතර, ග්‍රෑම් 55ට වැඩි බිත්තර ගෙඩිය යන්නෙ උපරිම රුපියල් 33, 34, 35 යි. ඊට වැඩිය මිලට කවුරුත් ගන්න එපා. ඕන තරම් බිත්තර මේ ගාණට විකුණන්න තියෙනවා.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *