ඉර ලගට ගිහින් එන්න අවස්ථාවක්

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබෙන බව වාාර්තා වෙනවා.
දින කිහිපයක් පුරාවටම මෙම යානයෙන් නාසා ආයතනය වෙත,කිසිඳු සංඥාවක් නොලැබී තිබුණු හෙයින් එය සූර්යයා ගේ අධික උෂ්ණත්වයට විනාශ වූවා කියන සැකය මතුවී තිබුණා. කෙසේ හෝ, “Parker Solar Probe” නම් එම අභ්‍යවකාශ නිරීක්ෂණ යානයෙන් අද (27) (05:00 GMT) විද්‍යාඥයින්ට සංඥා ලැබී තිබෙන බව වාර්තා වෙනවා.
මෙම යානය සූර්යයාට ළඟා වී ඇත්තේ සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8 ක් නැතහොත් කිලෝ මීටර් මිලියන 6.1 කට බව නාසා ආයතනය තහවුරු කරගෙන තිබෙනවා.
“Parker Solar Probe” යානයට පැයට සැතපුම් 430,000ක (පැ.කි.මී. 692,000) වේගයෙන් ගමන් කළ හැකි බවත්, 1,800F (980C) ක උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බවත් නාසා ආයතනය පවසනවා.
මෙම “Parker Solar Probe” යානාව ඉතිහාසගතවන්නේ සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ පළමු යානාව ලෙසටයි.
