ඉරණම වෙනස් වෙන්නද යන්නෙ?

හෙට (05) දිනයේදී අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ, දෙදින නිල සංචාරයක් සඳහායි.
මෙම සංචාරයේදී ඔහු විසින්, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ අනෙකුත් ඉහළ රාජ්‍ය නිලධාරීන් හමුවීමට ද නියමිත වන අතර, එහිදී කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳ පුළුල් පරාසයක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
විශේෂයෙන් ම මෙම සංචාරයේදී, අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හමුවීමටද සැලසුම් කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය ධූරයෙන් නික්ම යෑමට පෙර, බයිඩන් පරිපාලනයේ නිලධාරියෙකු විසින් ඉන්දියාවේ සිදු කරන ලද අවසාන ඉහළ පෙළේ සංචාරය මෙය වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.