ඉන්දු – ලංකා ධීවර ගැටලූ විසඳීමට පියවර

ඉන්දු – ලංකා ධීවර ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් පසුගිය දා දෙරටේ නිලධාරීන් සාකච්ඡා කළ බවත්, මෙම ගැටලුව විසඳීම සඳහා දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය අවබෝධය ඉතා වැදගත් බවත්, අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ඇතැම් තමිල්නාඩු ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීම හේතුවෙන් උතුරේ ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම තත්ත්වයට දෙපාර්ශ්වයටම එකඟ විය හැකි විසඳුමකට කඩිනමින් එළඹීම වත්මන් රජයේ අරමුණ බව ද ඔහු සඳහන් කරනවා.

ඒ වගේම, මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරන තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් ද දැඩි කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 15 වැනි දාත් 17 වැනි දාත් අතර ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතයි. එම සංචාරයේදී මේ සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *