ලංකාවට එන ඉන්දීය සිනමාව

ඉන්දීය සිනමා උළෙලක් මෙම මස 06 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.

එය ශ්‍රී ලංකාවේ නගර රැසක පැවැත්වෙන අතර, එහිදී තෝරා ගත් ඉන්දීය සිනමාපට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. සිනමා උළෙල 06 වන දින සඳුදා ප.ව. 6.30 ට කොළඹ PVR සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වනි83’ චිත්‍රපටයෙන් ආරම්භ කරන බව සඳහන් වෙනවා.

කොළඹ නගරයට අමතරව බදුල්ල, යාපනය, ගාල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ නුවර එළිය ප්‍රදේශවල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. විශේෂයෙන්ම මේ සඳහා ඇතුළුවීම නොමිලේ වන අතර, ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා dir.icc.colombo@gmail.com වෙත ඊ‍-මේල් පණිවිඩයක් යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *