ඉන්දියාව පැන්න අළුත්ම පිම්ම

තවත් ත්ක්ෂණික වාර්තාවක් තබන්නට ඊයෙ (16) ඉන්දියාව සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අභ්‍යවකාශයේ එක් අභ්‍යවකාශ යානයකින් තවත් යානයකට ගගනගාමීන් භාණ්ඩ හෝ ඉන්ධන හුවමාරු කිරීමේ තාක්ෂනය ස්ථාපිත කරමින් එවැන්නක් සිදු කළ ලොව සිවුවන රට බවට පත්වෙමින්.

ඉන්දියාවට අමතරව, මෙම අන් මෑන්ඩ් ඩොකින් ඉන් ස්පේස්’ යනුවෙන් හැඳින්වෙන තාක්ෂණය අභ්‍යවකාශයේ ස්ථාපිත කළ ලොව සෙසු රටවල් ලෙස සඳහන් වෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, සහ චීනයයි.

අදාළ අභ්‍යවකාශ තාක්ෂණය ස්ථාපිත කිරීම යටතේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් 220kg ක් බැගින් බර කුඩා අභ්‍යවකාශ යානා දෙකක් පෘථිවි කක්ෂයට පහළින් ස්ථාන ගතකර ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

විශේෂයෙන්ම, මෙම අභ්‍යවකාශ තාක්ෂණය ඉන්දියාවේ ඉදිරි අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ප්‍රයෝජනවත් වන බව ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥයෝ පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *