ඉදිරි දින කිහිපය පිළිබඳ නිල නිවේදනය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය 2025 ජනවාරි 29 සිට පෙබරවාරි 02 දින දක්වාත්, දෙවන තරගය පෙබරවාරි 06 සිට පෙබරවාරි 10 දින දක්වාත් පැවැත්වීමට නියමිත බව සඳහන් වෙනවා.
විශේෂයෙන් ම මෙම තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මේ අතර, තරග දෙකකින් යුතු එක්දින තරගාවලියේ තරග දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.
එම තරග දෙක දිවා තරග ලෙසින් 2025 පෙබරවාරි 12 සහ පෙබරවාරි 14 යන දිනවල පැවැත්වීමට නියමිතයි.