ඉතිහාසයේ පළමු වරට හිස්වූ පුටුව ගැන තීරණය

ඊයේ දිනයේ සිදුවුණූ අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරපුපාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත්කර කරගැනීම එළැඹෙන 17 වැනිදා සිදුකළ යුතු බව දේශපාලන නිරීක්ෂකයින් පවසනවා.

එළැඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එදින නව කථානායකවරයෙකු පත්කර ගැනීමට අදාළ නාම යෝජනා ඉදිරිපත්කළ යුතු බව සඳහන් වෙනවා.

මේ අතර, මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායකවරයෙකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය වන බව මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසනවා. ඔහු පැවසුවේ අදාළ ඉල්ලා අස්වීමේ නිවේදනය කථානායකවරයාට, පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත හෝ ජනාධිපතිවරයා වෙත ලබා දිය හැකි බවයි.

ඉල්ලා අස්වීමේ ලිපිය ලැබීමෙන් පසු ජනාධිපතිවරයාට, කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධව තීරණයක් ගත හැකි බවත් ඔහු සඳහන් කරනවා.

යම් අයුරකින් ජනාධිපතිවරයා විසින් කථානායකවරයාගේ ඉල්ලා අස්වීම භාර ගන්නේ නම්, නැවත පාර්ලිමේන්තුවෙන් නව කථානායකවරයෙක් තෝරා පත් කර ගත යුතු අතර, එය සාමාන්‍ය නීතිය යටතේ ඡන්දයකින් හෝ නාමයෝජනාවකින් තෝරාගත හැකි බවත් වැඩිදුර අදහස් දක්වමින් මහාචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා මහතා ප‍්‍රකාශ කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *