ඉතිහාසගත වෙන වාර්තා

ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම රැස් කරන්න පසුගිය 2024 වසරේදී දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සමත්ව තිබෙන බව වාර්තා වෙනවා.
දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන ආකාරයට, එම ආදායම රුපියල් මිලියන 1,958,088 ක් වෙනවා.
මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229 ක වැඩි වීමක් වන අතර, එහි වර්ධන වේගය 25.1% ක් බව එම නිවේදනයේ සඳහන් වෙනවා.