ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද 23 ඒකක 15,000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මීට සුළු මොහොතකට පෙර පෙ.ව. 11.45 එය දැක්වුණේ ඒකක 15,047.81 ක් ලෙසටයි.
ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 237.11 ක වර්ධනයක් පෙන්වා තිබෙනවා.