ඇයි මේ තරම් පොලීසියෙන්?

උත්සව සමයත් සමග ඇතිවන රථ වාහන තදබදය පාලනය කිරීම සඳහා පොලිස් රථවාහන හා නිලධාරීන් 8500 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාශ, අධිවේගී මාර්ග පිවිසුම් ආශ්‍රිතව පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කරනවා.

එහිදී ප්‍රධාන වශයෙන් බීමත් රියැදුරන් පරීක්ෂා කිරීම් සිදු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

විශේෂයෙන් ම පෙරේදා දිනය තුළ පමණක් බීමත් රියැදුරන් 251 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක විශේෂ රථ වාහන මෙහෙයුම අතරතුර මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *