ඇයි මෙහෙම මගහරින්නේ?

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බව ඇය සඳහන් කරනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්ති කාමර තුළ දරුවන් රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් බවත්, විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන කටයුතුවලින් බොහෝදුරට ඈත්වෙමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර තිබෙනවා.
කුමන ආකාරයේ සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතු අතර, පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට 13 වසරක පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවෙකුටම විවර වී තිබිය යුතු බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කරනවා.