ඇයි ට‍්‍රම්ප්ටම මෙහෙම වෙන්නේ?

පසුගිය ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිව්රුම්දීමේ සහ පදවිප්‍රාප්ති උත්සවය ජනවාරි (20) වැනිදා එනම් හෙට දින, වොෂින්ටන් නුවර ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ පවතින අධික ශීත කාලගුණය හේතුවෙනි.
සාම්ප්‍රදායිකව මෙම පදවිප්‍රාප්ති උත්සව පැවැත්වෙන්නේ, අමෙරිකානු පාර්ලිමේන්තුව එසේත් නොමැති නම් කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටයි.
කෙසේ නමුත්, පවතින අධික ශීත කාලගුණය සළකා බලා ඉතිහාසයේ පළමුවරට, මෙවර පදවිප්‍රාප්තිය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සිදුව තිබෙන බවත්, ඒ අනුව උත්සවය පැවැත්වෙන්නේ වොෂින්ටන් හි කැපිටල් වන් ඇරීනා ගොඩනැගිල්ලේ බවත්, එම ස්ථානයේ 20,000 කට පහසුවෙන් අසුන් ගැනීමට හැකි බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, පදවි ප්‍රාප්තියෙන් අනතුරුව කැපිටල් වන් අරීනා ඉදිරිපිට “මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන් වික්ටරි රැලී” නම් මැතිවරණ රැලියකට සමාන ස්වරූපයකින් රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වෙනවා.
ඊට අමතරව, පෙන්සල්වේනියා හි දී හමුදා වාදන කණ්ඩායම්, පාසල් තූර්යවාදක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ රැලියක් අවලංගු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.