ඇමති හර්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
යම් අයෙක් තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කල බවට තමාට සැක සහිත බව අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබෙනවා.
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ,ආචාර්ය හර්ෂණ නානායක්කාර යනුවෙන් පළ කර තිබී පසුව අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලක් මත එය නිවැරදි කිරීමත් සමග පසුගිය දා මහත් ආන්දෝලනයක් හට ගෙන තිබුණා.
පසුව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් නම් උඩුගත කිරීමේ දී සිදුවු වැරදීමක් ලෙස දක්වමින් තමාට ලිපියක් එවා ඇති බවද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.
“මම අවුරුදු 25ක නීතිඥ කේෂ්ත්‍රයේ යෙදී සිටින නීතිඥවරයෙක්. මම කවදාවත් මගේ නම ඉදිරියෙන් ආචාර්ය කියලා සඳහන් කරලා නෑ. විසිටින් කාඩ් එකක්වත් ගහලා නෑ. මම පුරවපු ජීවදත්ත තොරතුරු පත්‍රිකාවෙත් මම පැහැදිලිව එය නිවැරදි කරලා තිබුණා. ආචාර්ය පදවියක් තිබුණේ නෑ. කොහෙන්ද මේක එන්නේ. සියල්ල සමස්තයක් ලෙස අරන් බලද්දි මාව අපකීර්තියට පත්කරන්න, එහෙම නැත්නම් මගේ දේශපාලනය ගැන තියෙන විශ්වාසය බිඳ දැමීමට ව්‍යාජ දත්ත ඇතුළත් කරාදැයි සාධාරණ සැකයක් ඕන කෙනෙක් මතුවෙනවා.”